• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැමිණිල්ලකට පොලිසියට ආපු දැරියක් දූෂණය කළ සාජන්ට අවුරුදු 45ක සිරදඬුවමක් – සාජන් උසාවියේ හඬාවැටෙයි

4 September 2024
in දේශීය, පුවත්
පැමිණිල්ලකට පොලිසියට ආපු දැරියක් දූෂණය කළ සාජන්ට අවුරුදු 45ක සිරදඬුවමක් – සාජන් උසාවියේ හඬාවැටෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පැමිණිල්ලක් කිරීම සඳහා තමන් සේවය කළ පොලිස් ස්ථානයට සිය මව සමඟ පැමිණි වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන අවස්ථා ගණනාවකදීම ඇය දූෂණය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 27 හැවිරිදි විවාහක පොලිස් සැරයන්වරයකුට එකී චෝදනා තුනට වෙන් වෙන්ව වසර 45ක සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම එකවර එනම් වසර 15කින් ගෙවීයන ලෙස ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඊයේ (03දා) නියෝග කළේය.

එයට අමතරව වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙසට ද අබේවර්ධන ලියනාආරච්චිගේ ප්‍රභාත් උදයංග නමැති එම විත්තිකරුට නියම කළ විනිසුරුවරයා එම වන්දිය නොගෙවන්නේ නම් පෙර කී සිරදඬුවමට අමතරව වසර එකහමාරක අමතර සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.

රුපියල් තිස්දහසක දඩයක් ද විත්තිකරුට නියම කළ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ, එකී දඬය නොගෙවන්නේ නම් පෙරකී සිරදඬුවම්වලට අමතරව තවත් වසර එකහමාරක බරපතළ සිරදඬුවම් ලබාදීමට ද නියම කළේය.

තමන්ට අත්හිටුවූ සිරදඬුවම් නියම කරන ලෙස විත්තිකරු විත්ති කූඩුවේ සිට හඬාවැටෙමින් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත්, තමාගේ සේවය ලබාගැනීමට පැමිණි අසරණ අයකුට රැකවරණය දීමේ වගකීම පැවරී ඇති නීතිය හා සාමය ආරක්ෂා කළ යුතු පොලිස් නිලධාරියකු ලෙස රාජකාරී කළ විත්තිකරු සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක් වන බැවින් ලිහිල් දඬුවම් ලබාදීම තම අධිකරණයට සිදු කළ නොහැකි බව පෙන්වා දෙමින් විනිසුරුවරයා පෙර කී දඬුවම් නියම කළේය.

විත්තිකරුගේ එකී ක්‍රියාදාමය නිසා එම තරුණියට ශාරීරික වශයෙන් පමණක් නොව මානසිකව ද දැඩි ලෙස පීඩා විඳීමට සිදුවී ඇති බවත් අවස්ථා ගණනාවකදීම ඇගේ මව හා සොහොයුරිය නොමැති අවස්ථා වලදී ඇගේ නිවසට ගොස් ඇය සමග ලිංගිකව හැසිරි ඇති විත්තිකරු, පසුව ඇයව මගහැර යෑම නිසා ඇය අධික ලෙස පැරසිටමෝල් පෙති භාවිත කර දිවි හානිකර ගැනීමට පවා උත්සාහ කර ඇති බවත් පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥ ලිෂාන්
රත්නායක පැවසීය.

කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ඇයගේ ජීවිතය ගලවාගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී ඇතත් ඇය විඳින මානසික පීඩනය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බැවින්, එවැනි වැරදි නොකළ යුතු බවට සමාජයට ආදර්ශයක් ගත හැකි අයුරින් දඬුවම් නියම කරන ලෙසට ද රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

Post Views: 20
Previous Post

ආර්ථිකය හදන්න ජාතිවාදය අතුගා දමනවා – අනුර ඉන්දියාවට කියයි

Next Post

කෙහෙළියගේ පෙත්සම සලකා බැලීම කල් යයි!

Editor TTV News

Editor TTV News

Next Post
කෙහෙළියගේ පෙත්සම සලකා බැලීම කල් යයි!

කෙහෙළියගේ පෙත්සම සලකා බැලීම කල් යයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved