27 April 2024
#දේශීය

පුජිත – හේමසිරි අද තේරීම් කාරක සභාව හමුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව අදත් යළි රැස්වේ.  ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු පහ දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි කාරක සභාව රැස්වනු ඇත. අද දිනයේදී මෙම තේරීම් කාරක සභාව හමුවට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මෙන්ම ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ද මීට පෙර තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දී සිටියේය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වගඋත්තරකරුවන් කරමින් සිවිල් වැසියන් දෙදෙනෙකු විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවීමට නියමිතයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *