6 May 2024
#දේශීය #පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය කෙරේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

නවීන පහසුකම් වලින් සමන්විත මෙම කාර්යාලය මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව මෙන්ම විදේශ ගමන් බලපත්‍ර සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමද සිදුකෙරේ.

නුවරඑළිය ලේඩි මැකලම් පාර අංක 95/26/A දරන ස්ථානයේ මෙම කාර්යාලය පිහිටා ඇත.

මෙම අවස්ථාවටපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක,මරුදපණ්ඩි රමේශ්වරන්,වී.රාධාක්‍රිෂ්ණන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක,පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී,ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *