27 April 2024
#දේශීය

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට තැත් කළ දෙනෙකු අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේදී පසුගිය 05 වනදා යාපනය කොළඹ පුද්ගලික බස් රථයක රියදුරු පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කිරීමක් සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කළ විර්ශනයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි පැහැර ගැනීමට උපයෝගි කරගත් ත්‍රිරෝද රථය සහ තවත් ත්‍රීරෝද රථයක් සහ කප්පම් ලබා ගැනීමට උපයෝගි කර ගත් දුරකතනය සොයා ගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31 සහ 32 ක් වු මොහොමඩ් නුස්රත් සහ මොහොමඩ් අබුබකර් නම් අය වේ. සැකකරුවන් අද (08) දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කොලඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *