27 April 2024
#දේශීය

පුවත්පතේ හැම අකුරක්ම වැරදියි – කථානායක සැර ප්‍රකාශයක්

කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්” යන මැයෙන් අද (31) දින ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක පලව ඇති ප්‍රවෘත්තිය සෑම අකුරක් පාසාම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

කථානායක කාර්යාලය මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය දෙසැම්බර් 27 වන සිකුරාදා පොලිස් කොමිසමේ නිලධාරින් කැඳවා කථානායකවරයා විසින් බලපෑම් කල බවට එම පුවතේ සඳහන් වන නමුත්, කිසිදු විටක පොලිස් කොමිසමේ කවර හෝ නිලධාරියෙකු කථානායකවරයා විසින් කැඳවා බලපෑමක් සිදුකර නොමැති බවයි.

මෙවැනි අසත්‍ය සහ පටු වුවමනාවන් මත මුළුමනින්ම ගොතන ලද පුවත් පලකිරිමෙන් සහ කථානායකවරයාට එරෙහිව දේශපාලනඥයින් කිහිපදෙනෙකු මේ දිනවල සැලසුම් සහිතව සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ තුළින් කථානායකවරයා කිසිවිටකත් නොසැලෙනු ඇති බව මෑත ඉතිහාසය මගින් ඔප්පු කර ඇති බව කථානායක මාධ්‍ය අංශය කියා සිටියේය.

එසේම ස්වාධීන කොමිසම් සභා ක්‍රියාවලියට පදනම සැපයූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය උදෙසා 1999 වසරේ සිටම කැප වු කරු ජයසුරිය මහතා කථානායකවරයා ලෙස එම කොමිසම් සභාවන්හි ස්වාධීනත්වයට කැළලක් වන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබනු ඇති බව කථානායක මාධ්‍ය අංශය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *