පෙරහර සංස්කෘතිය පවත්වාගෙන යෑම අභියෝගයක් වන තරමට මෙරට හීලෑ අලි සංචිතය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත්, දැනට සිටින හීලෑ අලි 93 දෙනා අතරට අලුතින් අලි එකතු නොවුණොත් හීලෑ අලි සංචිතය ඉදිරි දශකයේදී 25 දක්වා පහත වැටෙනු ඇති බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා අංශය සහ එලිෆන්ට් ප්‍රොමිස් සංවිධානය එක්ව සංවිධානය කළ ‘අලිමංකඩ 2026’ මෙරට පළමු අලි සංරක්ෂණ සමුළුව අමතමින් දියවඩන නිලමේවරයා මේ බව සඳහන් කළේය. 2005 වසරේදී මහනුවර ඇසළ පෙරහරට අලි ඇතුන් 113ක් සම්බන්ධ කළ බවත්, 1998 වසරේදී හීලෑ අලි සංචිතය 225ක් වූ නමුත් මේ වන විට එය 93ක් දක්වා පහත වැටී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. අලි අල්ලන බලපත්‍ර නිකුත් කිරීම නැවතී තිබීම, පිංවලින් අලි ලබාදීම නැවතීම සහ ගෘහස්තව අලි බෝකර ගැනීම අපහසු වීම මෙම අඩුවීමට හේතු වී ඇති බවත්, මේ නිසා ප්‍රචණ්ඩ සහ වයෝවෘද්ධ අලි පවා පෙරහරට යොදා ගැනීමට සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















