27 April 2024
#දේශීය

පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධයෙන් නව සන්ධානයක්

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ සදහා සන්ධානයකින් තරග කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුලූ සංවිධාන රැසක් තීරණය කරයි.

ජනාධිපතිවරණයට පෙර නව සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පුලූල් සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

මේ සඳහා ප‍්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීයවේදින්, ආගමික සංවිධාන රැසක් නව සන්ධානය සමග ඒකාබද්ධ විමට තීරණය කර තිබේ.

ඒ අනුව නව සන්ධානයෙන් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම සදහා දිවයින පුරා පුළුල් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලූ කටයුතු සූදානම් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *