27 April 2024
#දේශීය

පොලිස් නිලධාරීන්ගේ දුක් අහන්න කමිටුව යළි

පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බලා විසඳුම් ලබාදීමේ තවත් විශේෂ හමුවක් ලබන 5 වනදා පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකරගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදියි.

මෙම විශේෂ හමුවේදී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති උසස්වීම්, මාරුවීම්, විනය දඩුවම් ආදී මෙතෙක් නොවිසඳී ඇති විවිධ ගැටළු පිළිබඳව තම දුක්ගැනවිලි ඉදිරිපත් කර ඊට විසඳුම් ලබාගැනීමට පොලිස් නිලධාරීන්ට අවස්ථාව හිමිවේ්‍

මීට අදාළව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර, එම කමිටුව මීට පෙරද රැස්වී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *