27 April 2024
#වෙනත්

පොසොන් ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසහන අනුරාධපුරයේදී සාර්ථකව අවසන්වෙයි

සුවහසක් බැතිමතුන් හට සත්කාර සහ පහසුකම් ලබාදීමේ අරමුණින් මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පොසොන් පෝය නිමිති කර ගනිමින් අනුරාධපුර පූජාභූමිය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබී ය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රැවන්වැලි මහා සෑ භූමිය කේන්ද්‍ර කරගනිම් මෙම සුවිශේෂ ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මෙම වසරේදීත් දියත් කරනු ලැබූ අතර, එහිදී මෙම පුදබ්ම් ඇතුළු අටමස්ථාන වැද පදාගනු ලබන සුවහසක් බැතිමතුන් වෙනුවෙන් මැලිබන් බිස්කට් තේ පැන් දන්සලක්, සිල් සමාදන් වූවන් සඳහා හීල් සහ දහවල් දානය පිළිගැන්වීමක් සහ රෝද පුටු සත්කාර ඇතුළු වැඩටහන් රැසක් ක්‍රියාත්මක කළේය.

මැලිබන් සමාගම විසින් පොසොන් පෙ‍ාහෝ දිනය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මැලිබන් බිස්කට් සහ තේපැන් දන්සැල මෙවරද සාර්ථක ආකාරයෙන් සංවිධානය කිරීමට සමත් විය. දිවයිනේ සතර දෙසින් මෙම ඓතිහාසික ස්ථානය වැද පුදා ගැනීමට පැමිණෙන සුවහසක් බැතිමතුන්ගේ පිපාසය සහ විඩාව සන්දවීමේ අරමුණින් මැලිබන් සමාගම විසින් අඛණ්ඩව වසර ගනනාවක් පුරා සංවිධානය කරුන ලබන මෙම දන්සැල මගින් බැතිමතුන් හට මැලිබන් බිස්කට්, ලිට්ල් ලයන් බිස්කට් සමග මැලිබන් තේ සංග්‍රහ කිරීම සුවිශේෂ කාර්යයකි.

මෙයට සමගාමීව ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය ඇතුළ අටමස්ථාන වන්දනාමාන කිරීමේ දුෂ්කරතාවයෙන් පසු වූ වැඩිහිටි සහ අබාධ සහිත වන්දනාකරුවන් වෙනුවෙන් එම පූජනීය ස්ථාන අතර රෝද පුටු සත්කාර සේවාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. එමගින් එම සැදැහැවතුන් හට කිසිදු අපහසුතාවයකින් තොරව වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කර දීම සුවිශේෂී කරුණකි. මෙම රෝදපුටු සත්කාරය මැලිබන් සමාගම මගින් වාර්ෂිකව අනුරාධපුර සහ කතරගම කිරි වෙහෙර යන සිද්ධස්ථාන මූලික කර ගනිමින් දිගු කාලයක් පුරා ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.

තවද මෙම ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැසටහනට සමගාමීව අනුරාධපුර ප්‍රදේශයේ තේරාගත් පවුල් දහසක් වෙනුවෙන් වියළි සලාක බෙදා දීමේ වැඩසහනක් ද දියත් කළේය. මෙවැනි වූ දුෂ්කර වූ කාලයක අපේම ජනතාවගේ සරණක් වෙමින් ඔවුනගේ ජීවිතයට ශක්තියක් වීමේ අරමුණින් දියත් කරනු ලැබූ මෙම වැඩසටහන, අපේම ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආයතයක් ලෙස සිය කැපවීම මැනවින් පිළිබිඹු කරන්නකි.

ශ්‍රී ලාංකීය ජනතාවට වගේම සංස්කෘතියේ වර්ධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන මැලිබන් බිස්කට් සමාගම, සිය ආයතනික සමාජ වගකීම මැනවින් අවබෝධ කර ගනිමින් ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන ඔස්සේ සමස්ත සමාජීය වර්ධනය අරමුණු කරගත් සුවිශේෂ වැඩසටහන් රැසක් ඉදිරියේදී ද සංවිධානය කිරීමට සැළසුම් කර ඇත.

 

පිටපත -PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *