27 April 2024
#දේශීය

පොහොට්ටුවේ වැඩේට අපි නෑ – දුමින්ද කියයි  

ලබන 11 වනදා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අයෙකු සහභාගී නොවන බව හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුවේදී ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂයා නම් කිරීමේ සුදානමක් ඇති බවයි.

එහෙයින් එවැනි දෙයක සාක්ෂිකරුවන් වීම සුදුසු නොමැති බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තීරණයක් ගෙන නොමැති අවස්ථාවකදී පොදු ජන පෙරමුණ විසින් මෙහෙයවනු ලබන මෙම සමුළුවට සහභාගී නොවීමට තීරණයක් ගත් බව ඔහු අනාවරණය කළේය. ඊයේ (06) ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සාකච්ඡා පැවැත් වු බවත් හෙතෙම අනාවරණ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ට මෙම සමුළුවට සහභාගීවීමේ අවශ්‍යතාවයක් නොමැති බව තමා හොඳින් දන්නා බව දිසානායක මහතා අවධාරණය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *