27 April 2024
#දේශීය

පෞද්ගලික ෆාමසි , සුපර්මාර්කට් – වහන්න නියෝගයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි  රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල්  හා  සියලු වෙළදසැල් වසා දැමීමට රජය  නියෝග කර තිබේ.

ඇඳිරිනීතයේදී  ඖෂධ අවශ්‍ය  විටෙක නිවසටම ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සළසා ඇති බවත් රජයේ අවධාරණය වෙයි.

එමෙන්ම  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී තිබුණද   වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීම සිදු කරන බවට ලැබුණු පැමිණිලි අනුව  වහාම එම වෙළෙඳසැල් වසා දැමීමට පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී  තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *