27 April 2024
#ක්‍රීඩා

බංගලි පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් …… මාලිංග එක්දින පිටියෙන් සමුගනි

ශ්‍රී ලංකා – බංගලාදේශ ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 91කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) දින සමත් වුණා. මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ එක්දින පිටියේ සමුගැනීමේ සාදය වර්ණවත් විය.

තරගය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඊයේ දිනයේදී විශාල පිරිසක් පැමිණ සිටියේ මාලිංගගේ සමුගැනීම සුභ පතමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව314 ක්. කුසල් ජනිත් හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමග ලකුණු 111 ක් රැස්කළා.

සිය අවසන් එක්දින ඉනිම වෙනුවෙන් පිත්ත අතට ගත් ලසිත් මාලිංග නොදැවී ලකුණු 6 ක් රැස් කළා.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට පන්දුවාර 41යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 223ක් පමණයි.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 38කට කඩුලු 3ක් බිඳහෙලුවා.

සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරඟය අමතක නොවන තරඟයක් බවට පත්කරගත් මාලිංග, බංගලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල දවාගත්තේ සිය දෑතින් ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් සනිහිටුහන් කරමින්.

ඔහු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නේ තරඟ 226කදී කඩුළු 338ක් දවා ගනිමිනුයි.

ඒ අනුව මාලිංග, ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම කඩුළු ප්‍රමාණයක් දවාගත් 9වන ක්‍රීඩකයා බවට පත්වන්නට සමත් වුණා.

එදා එක් කඩුල්ලක් දවා ගනිමින් ඇරඹි ඔහුගේ එක්දින ගමන්මග අද වන විට තරග 225 කදී දවාගත් කඩුලු 335කින් වර්ණවත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තෙවන වැඩිම එක්දින කඩුලු ලාභියා වන මාලිංග සතු එක්දින කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාව 3ක්.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *