බගවන්තලාව, හැටන් මාර්ගයේදී කාර් රථයක් අඩි 250 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 69 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව බගවන්තලාව පොලිසිය වාර්තා කරයි. අනතුරින් තුවාල ලැබූ රියදුරා, තවත් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම පුද්ගලයා මියගොස් තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, හැටන් දෙස සිට බගවන්තලාව දෙසට ධාවනය වූ කාර් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇත. මියගිය පුද්ගලයා ඉංගිනියාගල, රණවල්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














