27 April 2024
#දේශීය #පුවත්

බදු අංකය අනිවාර්ය වුනත් දඩය ක්‍රියාත්මක කරන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

වසය අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුව ද , ඊට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50000.00 ක දඩ මුදලක් අය කිරිමට නීතිමය ප්‍රතිපාදන ඇතත් , එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රටේ අනාතතය ගැන සිතා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළද , ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බව හෙතෙම කියා සිටියේය.

බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද , ඒ සියලු දෙනා බදු ගෙවිය යුතුයි යන්න ඉන් කිසිසේත්ම අදහස් නොවන බව යළි අවධාරණය කළ අමාත්‍යවරයා , දැනට මාසයකට රුපියල් ලක්ෂයක බදු ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් පමණක් බදු ආදායම් බදු ගෙවිය යුතු බවද සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *