27 April 2024
#වෙනත්

බන්ධනාගාර නිලධාරින්ගේ මානසික ආතතිය පාලනයට වැඩසටහනක්

ඉතා සුවිශේෂී මෙන්ම වගකිම් සහගත වෘත්තියක නියලෙන බන්ධනාගාර නිළධාරින් වෙනුවෙන් ඔවුන්ගේ මානසික ආතතිය පාලනය කොට ධනාත්මක ආකල්ප වර්ධනය කිරිම උදෙසා ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් ඊයේ (12) ගාල්ල බන්ධනාගාරයේදී පැවැත්විණි.

ගාල්ල කරාපිටිය එච්.බී.එස්. බෞද්ධ ආයතනය සහ සාමය හා දයාව පදනමේ සම්බණ්ධීකරණයෙන් දිලීප රියෝ ජුන් ෂී ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලද මෙම වැඩසටහන සදහා ගාල්ල බන්ධනාගාර අධිකාරිි ජගත් චන්දන වීරසිංහ මහතා , ප්‍රධාන ජේලර් එල්.පි. පේරුසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිළධාරින් විශාල පිරිසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *