27 April 2024
#දේශීය

බහුතර පෙන්වන්න … අගමැති රනිල් බව මනෝ කියයි

පාර්ලිමේන්තුවේ බහුතරය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සතු බවත් එය මේ ආකාරයේ කටයුතු කර ආණ්ඩු පෙරළිමට නොහැකි බව මනෝ ගනේෂන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ රටේ කලබල ඇති නොකර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට කටයුතු කරන ලෙසයි. පාර්ලිමේන්තුව කල් නොදමා ඔය බහුතරය පෙන්වන්න කටයුතු කරන ලෙසයි. අලුත් ප්‍රශ්ණ රටේ ඇති නොකර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න ලෙස ගනේෂන් මහතා ජනාධිපතිවරයා වෙත පවසා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *