27 April 2024
#ව්‍යාපාර

බැස්ටියන් මාවත අලුත්වෙයි…

තොළඹ, පිටකොටුව, බැස්ටියන් මාවතේ ඉදිකර ඇති අනවසර වෙළඳසැල් ඉන් ඉවත් කිරීම ට පියවර ගනිමින් සිටිති. ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙස විදුලි බල හා බලශක්ති සහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවෙත උපදෙස් දී තිබේ.

ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරීන්ට අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පිටකොටුව, බැස්ටියන් මාවතේ පිහිටි මෙම ව්‍යාපාරික ස්ථාන පසුගිය කාල සීමාව තුළ දේශාපාලනික අවශ්‍යතාවන් මත ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම ව්‍යාපාරික ස්ථානවල නීත්‍යානුකුලභාවය පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

මෙහි ඇතැම් ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිත නීති විරෝධි ක්‍රියාපවා සිදුවන බවට හඳුනාගෙන ඇති අතර ඇතැම් ව්‍යාපාරික ස්ථාන අතිශයින් අපිරිසිදු තත්ත්වයට පත්ව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එම ව්‍යපාරික ස්ථානවලින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ද සිදුකළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී තිබේ.

සටහන : ජනිත්

Leave a comment

Your email address will not be published. Required fields are marked *