සූඩාන ජාතිකයෙකු විසින් ප්‍රදේශයේ අනුගාමිකයෙකු හිස ගසා දැමීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සහ හෙන්රි නොවැක් (Henry Nowak) නැමැත්තාගේ ඝාතනයෙන් පසුව, මුහුණු ආවරණය කරගත් පිරිස් විසින් නිවාස සහ වාහන ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර මාලාවක් මුල් කරගනිමින් උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් (Belfast) නුවර දැවැන්ත නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
මින් පෙර පැවැති සංක්‍රමණ විරෝධී (Anti-immigration) රැලියට සහ ‘වර්ගවාදයට’ එරෙහිව දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට බෙල්ෆාස්ට් නුවරට රැස්වෙමින් සිටිති. මෙම විරෝධතාකරුවන් ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින බව ප්‍රකාශ කර සිටියි.
කෙසේ වෙතත්, දේශපාලන විචාරකයින් සහ ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ මෙම විරෝධතා පවත්වන පාර්ශවයන් ප්‍රචණ්ඩත්වය හෙළා දකින්නේ එය ප්‍රාදේශීය වැසියන් (Locals) වෙතින් සිදුවන විට පමණක් බවයි. සංක්‍රමණිකයන් විසින් සිදුකරනු ලබන අපරාධ සහ පිහි ඇනුම් සිදුවීම් හමුවේ මොවුන් දැඩි නිශ්ශබ්දතාවයක් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටත්, මෙරට තුළ දෙබිඩි පිළිවෙතක් (Two-tier outrage) ක්‍රියාත්මක වන බවටත් ඔවුහු සෘජුවම චෝදනා කරති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















