27 April 2024
#දේශීය

මංගල ට හා රංජන් ට එජාපයෙන් නාමයෝජනා නෑ..?

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මංගල සමරවීර හා එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී රංජන් රාමනායක ට ඉදිරි මහා මැතිවරණයේ දී නාමයෝජනා හිමි නොවන බව ට එම පක්ෂයේ නායකත්වය මේ වනවිටත් තීරණය කර ඇතැයි දැනගන්නට ලැබෙයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා ට ඉතා විශාල ඡන්ද සංඛ්‍යාවක් අහිමි කිරීම ට ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපයන් හා ප්‍රකාශ ඉවහල් වූ බව ට මේ වනවිට නිශ්චිතව ම හඳුනාගෙන ඇතැයි ද, ඊට අමතරව ඍජුව මේ දෙදෙනා රනිල් වික්‍රමසිංහ නායකත්වය ට එරෙහිව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම ද මෙම තත්ත්වය ට මගපාදා ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් කිහිපදෙනෙක්ගෙන් අදහස් විමසීමට අපි උත්සාහ ගත්ත ද ඔවුන් කිසිවෙකුත් ඊට ඍජු පිළීතුරක් දීම ට මැළි වී ය.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *