27 April 2024
#දේශීය

මගේ කසාදේ අප්සට් වුණාට මම කරන කපුකම් හරියනවා – ඩිලාන් පෙරේරා කියයි

මහින්ද රාජපක්ෂ මහතා නැවත විරුද්ධ පක්ෂයට නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. ජනහමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් පිරිස් මහින්ද රාජපක්ෂ හට විරුද්ධ පක්ෂයට යන ලෙස පැවසුවත් යළි විපක්ෂයට නොයන බවයි.

එසේම මේ වන විට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි දැන් විරුද්ධ පක්ෂයට යා යුතු වන්නේ බව ඔහු පැවසිය. මාර්ෂල් පෙරේරාගේ පුතා ඩිලාන් පෙරේරා කවදාවත් සාර්ථක නොවන දීගයකට කපු කම් කරන්නේ නැති බව හෙතෙම කියා සිටියේය. පෞද්ගලිකව තමාගේ දිගය අප්සට් ගියාට දේශපාලන දීගයේදී තමා හොඳ කපුවා බවත් මේ දීගය කිසිදාක කැඩෙන එකක් නොවන බව ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *