27 April 2024
#දේශීය

මගේ නිල නිවසේ දේශපාලන සාකච්ඡාවක් වුණේ නෑ – කථානායක

ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වය ඇතිව කථානායක නිල නිවසේ හෝ වෙනත් කිසිදු ස්ථානයක නොපැවැත්වුණු බව සහ කරු ජයසුරිය මහතාගේ අනු දැණුම ඇතිව වෙනත් කිසිවෙකු විසින් හෝ ඔහු වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සම්බන්ධව එවන් ඉල්ලීමක් සිදු කර නොමැති බව කථානායක කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය අංශය පවසයි.

එක්තරා සති අන්ත පුවත්පතක ප්‍රධාන පුවත ලෙස “රනිල් – කරු – නවින් – දයා මහ ඡන්දෙට එන්නෙ නෑ” යන ශීර්ෂය යටතේ ගරු කථානායක කරු ජයසූරිය මහතා, ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර මහතා යන අය අතර කථානායක නිල නිවසේ දී සාකච්ඡාවක් පැවති බවත්, එම අවස්ථාවේ දී කරු ජයසූරිය මහතා වෙනුවෙන් ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටි බවටත් පලව ඇති පුවත අදාළ පුවත පළ කර ඇති පුවත්පතටම ආවේනික වූ සුපුරුදු මාධ්‍ය භාවිතාව අනුව ගොතන ලද මුළුමනින්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

එසේම කථානායකවරයාගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයට බොහෝ විට තරඟ නොකිරීමට කථානායකවරයා තීරණය කර ඇති බවයි.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *