27 April 2024
#දේශීය

මටත් අල්ලස් දෙන්න හදනවා – ඇමැති හරීන්

ක‍්‍රිකට් ආයතනයේ වැඩ කරන පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ දහයකට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක‍්‍රිඩකයකු දාන්න කියා යැයි තමාට පණිවිඩයක් එවු බව විදුලි සංදේශ, විදේශ රැකියා හා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කොලඹ පැවැති උත්සවයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” මම මේ දිනවල ක‍්‍රිකට් ශුද්ධ කරන්න යනවා. කොයි වෙලාවේ මගේ බෙල්ල ශුද්ධ වෙයිද කියලා දන්නේ නැහැ. ක‍්‍රිකට් ආයතනයේ වැඩ කරන සේවකයෙක් රුපියල් ලක්ෂ දහයකට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක‍්‍රිඩකයකු දාන්න කියා මට කිව්වා. මට එය වට්ස් ඇප් පණිවිඩයකින්ම එවපු එක හොදයි. නැත්නම් මම චන්ඩියෙක් වෙන්න කිව්වා කියලා ඒක අල්ලගෙන මට මඩ ගහවි” යැයි අමාත්‍යවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *