2026 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන සහ අවසන් කුඹල් පෙරහැර මේ වන විට වීථි සංචාරය ආරම්භ කර තිබේ.
අද (අගෝස්තු 22) පස්වරු 06:28ට යෙදී තිබූ සුබ නැකතින් ගමන් ආරම්භ කළ මෙම පෙරහැර ශ්‍රී දළදා වීදියෙන් ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවදීමට නියමිතය.
මෙම අවසන් කුඹල් පෙරහැරේ සධාතුක කරඬු වහන්සේ වැඩමවීම සිදු කරනු ලබන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ යුවරජු ලෙස සැලකෙන ‘සිංහ රාජා’ හස්තියා විසිනි. ඊට අමතරව ‘මියන් රාජා’ සහ ‘පුලතිසි රාජා’ යන ඇත් යුගලය දෑල ගමන් කරමින් පෙරහැරේ අභිමානය තවදුරටත් වැඩි කරනු ලබයි.
















