27 April 2024
#දේශීය

මහවැලි කලාපවල අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනයට – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා පුථල් වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අභ්‍යන්තර උසස්වීම්වලට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුථ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *