• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහවැලි සංවර්ධනය ප්‍රතිලාභ අදට වඩා හෙට දිනයේදී බව ජනපති කියයි

9 September 2019
in දේශීය

මහවැලිය ආරම්භ වී වසර 50ක් සපිරෙන අවස්ථාවේදී මහවැලි සංවර්ධනයේ සුවිශේෂී නවෝදයක් ඇති කිරීමට තමාට හැකිවූ බවත් එහි ප්‍රතිලාභ අදට වඩා රටට හිමිවන්නේ හෙට දිනයේ දී බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පස්වරුවේ මැදිරිගිරිය බිසෝපුර දී පැවැත්වුණු 31 වන මහවැලි ක්‍රිඩා උලෙළේ සමාප්ති උත්සවය අමතමිනි.

රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබාදෙමින් සහ පොදු ජන ජීවන තත්ත්වය ඉහළ නංවමින් තවත් වසර ගණනාවක් ඉදිරියට ඇදී යන එම සුවිසල් සංවර්ධන ක්‍රියාදාමය මහවැලි ගග ගලන්නා සේ අඛණ්ඩ ව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට භූමි භාගයෙන් සියයට 40ක පමණ ප්‍රමාණයක ව්‍යාප්තව ඇති මහවැලි සංවර්ධන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක දැවැන්තම සංවර්ධන ව්‍යාපාරය බවත්, ඒ වෙනුවෙන් සුවිශේෂි වැඩකොටසක් ඉටුකරමින් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් යුතුකම් රැසක් ඉටුකිරීමට තමාට හැකියාව ලැබුණු බවත් ය.

මොරගහකන්ද – කළු ගඟ සංවර්ධනය ව්‍යාපෘතිය මෙරට කෘෂිකර්මාන්තයේ සහ වාරිකර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ හරහා වැව් දහස් ගණනක් පෝෂණ්‍ය කිරීම වෙනුවෙන් ඉදිකෙරෙන ඉහළ ඇළහැර, වයඹ ඇළ, මිණිපේ ඇළ, උතුරු මැද මහඇළ ඇතුලු සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රජය රුපියල් කෝටි 23,000ක මුදලක් වැය කර තිබෙන බව ද කියා සිටියේය.

මහවැලි ගොවි පවුල්වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කෙරෙන මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් දෙදිනක් පුරා පැවැත්වුණු අතර මහවැලි කලාප 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1500ක් පමණ ඊට සහභාගී වූහ.

ක්‍රීඩා උලෙළේ දක්ෂතා දැක්වූ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට තිළිණ හා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය. මෙවර ක්‍රීඩා උලෙළේ ජනාධිපති ශූරතාව මහවැලි “එච්” කලාපය දිනාගත් අතර අනුශූරතාවය මහවැලි “සී” කලාපයට හිමි විය.

අදාළ ජය සංකේත ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ද ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමිණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් සහ සුගත් තිලකරත්න මහතා ඇතුළු හිටපු ප්‍රවිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 22
Previous Post

මීලඟ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන ලෙස අගමැති ජනතාවගෙන් ඉල්ලයි

Next Post

DLB – අභිමානී ප්‍රථම වැඩසටහන ඇමැති මංගලගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

DLB - අභිමානී ප්‍රථම වැඩසටහන ඇමැති මංගලගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved