27 April 2024
#දේශීය

මහින්ද ආගමනයෙන් තානාපතිවරුන්ට උන්හිටි තැන් අහිමි වෙයි…..!

ශ්‍රී ලංකාව තුළ ඇති වු දේශපාලන බල පෙරළියත් සමඟ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන්ට රැකියා අහිමි වන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. විදේශ රටවලින් ඇති කරනු ලැබු බලපෑම් මත මෙම තත්ත්වයට පත්ව ඇති බවයි විදේශ අමාත්‍යංශය ආරංචි මාර්ග කියා සිටින්නේ.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක දේශපාලන බල පෙරළිම පිළිබඳ විදේශිය තානාපතිවරුන් නොදැන සිටිම ගැටළුවක් බවයි වාර්තා වන්නේ. එසේම මෙරට වෙසෙන විදේශ තානාපතිවරුන්ට අයත් රටවලින් ඔවුන්ට මේ වන විට ආණ්ඩුවේ ඇති වු වෙනස පිළිබඳව දැන නොසිටියේ ඇයි දැයි සම්බන්ධයෙන් වාර්තා කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ. එමෙන්ම ඇතැම් තානාපතිවරුන් නැවත සිය රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇත.

ඇතැම් තානාපතිවරුන්ට ශ්‍රී ලංකාවටත් වඩා පහත මට්ටමක ඇති රටවලට මාරු කර යෑමට කටයුතු කරනු ඇති අතර ඇතැම් තානාපතිවරුන්ට රැකියාව පවා අහිමි වන තත්ත්වයකට පත් ඇති බව රජයේ ඉහළ ආරංචි කියා සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *