27 April 2024
#දේශීය

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡාවක්

පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වින.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාලව මෙහිදී කරුණු සාකච්ඡා කල අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පා.ම විජිත හේරත් හා හිටපු පා.ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඊට සහභාගී විය.

පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ආචාර්ය ජෙහාන් පෙරේරා, ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, කේ.එන් ඩීන් හා නීති සම්බන්ධීකාරක ඉසුරු කරවිට යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

 

 

 

 

A discussion between PAFFREL and the JVP regarding the electoral system

A discussion was held between PAFFREL and the Janatha Vimukthi Peramuna (JVP) at the JVP Head Office in Pelawatta, Battaramulla this morning (05).

Janatha Vimukthi Peramuna (JVP) MP Vijitha Herath and former JVP Politburo member Sunil Handunneththi also participated in the discussion on electoral reform in Sri Lanka.

PAFFREL was represented by Executive Director Rohana Hettiarachchi, Board Members Dr. Jehan Perera, Cristobal Savarimuttu, KN Dean and Legal Coordinator Isuru Karawita.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *