මිනුවන්ගොඩ පොලිස් වසමේ, කෝපිලත්ත – මිනුවන්ගොඩ අතුරු මාර්ගයේදී ඊයේ (26) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෝපිලත්ත දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, මාර්ගය අයිනේ නතර කර තිබූ ට්‍රැක්ටරයක පිටුපස කොටසේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වහාම මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පසුපැදිකරු මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබේ.
මියගිය පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි. අනතුර සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















