මැදපෙරදිග කලාපය දැඩි යුද බියකින් ඇලලී යමින්, ඉරාන හමුදා ප්‍රකාශකයෙකු විසින් ඇමෙරිකාව වෙත අතිශය බරපතල අනතුරු ඇඟවීමක් මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට ඇමෙරිකානු යුද නෞකා ළඟා වෙමින් පවතින බවත්, ඒවාට එරෙහිව ඉතා දරුණු ලෙස ක්‍රියා කරන බවත් ඉරානය පවසා සිටියි.
ඉරාන හමුදා ප්‍රකාශකයා අවධාරණය කළේ, ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගොඩබිම් යුද්ධයක් (Ground war) ආරම්භ කළහොත්, එයට මුහුණ දීම සඳහා මිලියනයක (1,000,000) සන්නද්ධ භට පිරිසක් යෙදවීමට තම රට සූදානම් බවයි. මෙම ප්‍රකාශයත් සමඟ කලාපයේ පවතින උණුසුම උපරිම මට්ටමට පැමිණ ඇති අතර, මෙය ඉරානය විසින් මෑත ඉතිහාසයේ සිදුකළ දැවැන්තම හමුදාමය තර්ජනය ලෙස සැලකේ.
ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතාවය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට ඇමෙරිකානු නාවික හමුදාව ගන්නා උත්සාහය හමුවේ ඉරානය මෙලෙස සිය උපරිම ශක්තිය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරයි. දේශපාලන විචාරකයන් පවසන්නේ, ඉරානය සතු මිලියනයක හමුදාවක් යෙදවීමේ හැකියාව පිළිබඳ ප්‍රකාශය මගින් ඔවුන් ඇමෙරිකාවට පවසන්නේ ඕනෑම මහා පරිමාණ යුද්ධයකට තමන් සූදානම් බවයි. මෙම තත්ත්වය හමුවේ ගෝලීය තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි අතර, මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත ලේ වැගිරීමක සේයාවන් මතුවෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: al jazeera ඇසුරින්














