27 April 2024
#දේශීය

මිල සුත්‍රය අනුව ඉන්ධන එක් වර්ගයක් පමණක් මිල වැඩි කරයි

මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිළ මෙවර වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 03කින් වැඩිවන අතර ඒ අනුව එහි ලීටරයක සිල්ලර මිළ රුපියල් 138 වේ.

පසුගිය මාර්තු මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිළ වැඩිවූවද, උත්සව සමය හේතුවෙන් පාරිබෝගික ජනතාවට සහන සළසනු වස් දේශීය වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි කලේ නොමැති බවත් මේ දිනවල ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිළ අඩුවීමේ ප්‍රවනතාවයක් පෙනෙන්නට තිබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එම මෙම තත්වය දිගින් දිගටම පැවැතිය හොත් එහි වාසිය පාරිබෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *