27 April 2024
#දේශීය

මීටරේ කැඩුවොත් බඩු ශුවර් !

පොලිසිය සිවින් ඇඳුමින් නිලධාරීන් යොදවලා තියෙනවා.  සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේ නැත්නම් කණ්ඩායම් වශයෙන් පොදු ස්ථානවල හෝ පෞද්ගලික ස්ථානවල ගැවසෙන්නේ නම් ඒ අයවත් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කරනවා.”  පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ   ඇදිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් මෙන්ම සෞඛ්‍ය රීති කඩ කරන පුද්ගලයින්ද අද (28) සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අවධාරණය කරමින් ය. 

කොළඹ ගම්පහ කළුතර පුත්තලම යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ  සෙසු දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය අද (28) අළුයම 5.00 ට ඉවත් කෙරුණා. ඇදිරි නීතිය යළි පැනවෙන්නේ රාතී‍්‍ර 8.00 ටයි.

අද සිට මැයි පළමු වැනිදා දක්වා මෙම දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාති‍්‍ර 8.00 සිට පසුදා අලූයම 5.00 දක්වා පමණක් බවත් පොලිසිය පවසයි .

පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත්  කියාසිටියේ ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග සේවා ස්ථාන, කාර්යාල, වෙළදසැල්, කර්මාන්ත ශාලා, විවෘත කිරීමට අවස්ථාව පවතින බවයි. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවද ඔහු  අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *