27 April 2024
#දේශීය

මුහුණ ආවරණය කිරීම අද සිට තහනම්

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කර ඇත්තේ මෙහිදී අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්ණායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිලි කර තිබෙන බවයි.

රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහාජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *