27 April 2024
#දේශීය

මෙරට ආරක්ෂා කළේ රාජපක්ෂවරුන් බව නිමල් ලාන්සා කියයි

වරක් නොව දෙවරක්ම ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත රටක් බිහි කළේ රාජපක්ෂවරුන් බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) ජා ඇල පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

කුරිරු ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් රට බේරාගත්තේ රජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් බවත් අද වන විට ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවට සුරක්ෂිත රටක් බිහිකර තිබෙන බව හෙතෙම පැවසිය.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජනතාව තුල ඇතිවූ බිය හා සැකය නැති කොට සුරක්ෂිත රටක් ගෝඨාභය රාජපක්ෂ මහතා බිහි කරනු ඇති බවට ජනතාව තුළ විශාල විශ්වාසයක් ගොඩනැගී තිබූ අතර ඒ සදහා බහුතර ජනතාවක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබාදුන් අතර එම විශ්වාසය ඒ ආකාරයෙන්ම ඉටු කර තිබෙන බව නිමල් ලාන්සා මහතා කියා සිටියේය.

ඉදිරි වසර පහක කාලය එළබී ඇත්තේ රට සංවර්ධනය කොට ජනතාවට සෞභාග්‍යමත්‍ දේශයක් ගොඩ නැගීමේ ඉලක්කය ජය ගැනීමයි. ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *