27 April 2024
#දේශීය

මේක තමයි අන්තිම අවස්ථාව – මහින්ද කියයි

රට වැටිලා තිබෙන තත්වයෙන් ගොඩ ගන්න අපිට ලැබෙන අවසාන අවස්ථාව මෙය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ මාතර අද (09) පැවැති ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව රට විදේශිකයන්ට විකුණන්න සුදානම් වන බවත් අනාගතයේ ඉපදෙන ඉන්න දරුවන්ගේ භූමියයි මේ අය විකුණන්න හදන්නේ බවයි.

විපක්ෂනායකවරයා එහිදී මෙසේ අදහස් පල කර සිටියේය ” හිස් ප‍්‍රතිඵල විදිහට පනස් හයේ බලවේගය හැදුනා.එතැන් සිට සියලූ දෙනා අධිරාජ්‍ය විරෝධීව එක් වුන. පහුගිය වසර හතර අමාවතුර ම මේ ආණ්ඩුව අපේ වත්කම් වික්කා.රටේ සම්පත් විකුණල අත සෝදගන්න එවුන් සූදානම් වෙන්නේ.අපි ගොඩනඟපු ආර්ථිකය විනාශ කළා.අපි නැති නැතිකර ත‍්‍රස්තවාදය වසර දහයක් යන්න පෙර පාස්කු දවස නැවත ආරම්භ කළා.රටේ ආරක්ෂාව නැති කරා ජාතික ආරක්ෂාව වැදගත්කම මොවුන් සැලකිය නැහැ. මේවට රනිල් විතරක් නෙවෙයි සජිත් වගකියන්න ඕන නියෝජ්‍ය නායකයා විදිහට.කැබිනට් එකේ අනුමත කරලා ඒ තීන්දු තීරණ ගත්තේ.මේ අනුව ගත්ත හැම තීරණයකටම මේ අපේක්ෂකයන් වගකිවයුතු බව අප මතක් කර දෙනවා.සම්බන්ධ නැහැ කියලා ඇඟ බේරගන්න එයාට පුළුවන් කමක් නැහැ. සජිත්ගේ කතාව මම අහගෙන හිටියා.එතුමා ප‍්‍රතිපත්ති මාලාවක් ගැන සඳහන් කරනවා.සජිත්ගෙ කතාවක් අහපුවාම මොනවද අපිට අහන්න තියෙන.කිසිම හරයක් නැති ගැඹුරක් නැති කතාවක්.අද අපිට තීන්දුවක් ගන්න වෙනවා.රටේ ජනතාව ගන්න තීන්දුව ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න ගෙනයන්න අවශ්‍යයි. මේ අවස්ථාව රට වැටිලා තිබෙන තත්වයෙන් ගොඩ ගන්න අපිට ලැබෙන අවසාන අවස්ථාවයි.මේ ආණ්ඩුව තවදුරටත් තිබුනොත් රට විදේශිකයන්ට විකුණනවා.කිසිම ලැජ්ජාවක් නැතුව රට විදේශිකයන්ට විකුණන්නේ .අනාගතයේ ඉපදෙන ඉන්න දරුවන්ගේ භූමියයි මේ අය විකුණන්න හදන්නේ .

Leave a comment

Your email address will not be published. Required fields are marked *