27 April 2024
#දේශීය

මේ ආණ්ඩුව උපාධිධාරියාව තවත් හෑල්ලුවට ලක් කරනවා – සභාපති උපතිස්ස කියයි

රටේ නිදහස් අධ්‍යාපනයේ සුවිශේෂි ප්‍රතිපළය වන උපාධිධාරියා මේ යහපාලන රජය විසින් දිගින් දිගටම හැල්ලුවටත් අවමානයටත් ලක්කරන බව ශ්‍රි ලංකා ‌පොදුජන උපාධිධාරින්ගේ සංගමයේ සභාපති උපතිස්ස කුමාරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) ශ්‍රි ලංකා ‌පොදුජන උපාධිධාරින්ගේ සංගමයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ ” රටක අධ්‍යාපනය. ආර්ථිකය එකට සමපාත විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තියත් ආර්ථික ප්‍රතිපත්තියත් ඒකාබද්ධ වුනොත් තමයි රට උදිරියට යන්නේ. 2030 වෙද්දි සැම පුරවැසියෙක්ම අපාධීධාරියෙක් කරන එකයි තායිලන්තයේ අරමුණ. මේ රටට ඒ වගේ ඉලක්කයක් තියෙනවාද. උපාධිධාරියාට රැකියාවක් දෙන්නවත් වැඩපිළිවෙලක් නැහැ. 2017 වසරේ 30500ක් උපාධීධාරීන් එළියට ආවා. ඒ වගේ ප්‍රමාණයක් තව විශ්ව විද්‍යාලවල ඉන්නවා. වාර්ෂිකව විශ්ව විද්‍යාලවලින් එලියට එන අය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නැති ආන්ඩවුක්. දිගින් දිගටම අකිල විරාජ් කාර්යවසම්, රනිල් වික්‍රමසිංහත් කරන්නේ මේකයි. ජනාධීපතිවරයාවත් පොලොන්නරුවෙන් කිසිම ව්‍යාපෘතියක් ඇරඹුවේ නැහැ. අඩුම තරමේ ඔහුට තිබුණා පොලොන්නරුවෙන් ව්‍යාපෘති අරඹලා උපාධාධාරියාට රැකියා දෙමින් ආදර්ශයක් දෙන්න තිබුණා. රැකියා නිෂ්පාදනය කරන්නේ මෙහෙමයි කියලා පෙන්වන්න තිබුණා. මේ බොරුපොරොන්දු දුන්නාට යහපාලන සංකල්ප 12න් එකක්වත් ක්‍රියාත්මක කලේ නැහැ. මේ රටේ තරුණ , උපාධීධාරීන් ආන්ඩුව ගෙදර යවන්න සූදානම්. ඉදිරි දින කිහිපයේ රටේ සියලු උපාධාරීන් මහ මගට ගෙනත් ආන්ඩුවට දැඩි විරෝධයක් දක්වන්න අපි සූදානම්. යැයි ශ්‍රි ලංකා ‌පොදුජන උපාධිධාරින්ගේ සංගමයේ සභාපති උපතිස්ස කුමාරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *