27 April 2024
#දේශීය

මෛත්‍රිට එරෙහිව රිෂාඩ් නඩු මඟට

ජනාධිපතිවරයා විසින් පසුගියදා හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට ගත් අත්තනෝමතික ක්‍රියාකලාපය ව්‍යවස්ථා විරෝධී බැවින් ඊට එරෙහිව ඉදිරියේදී තම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රටේ දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය වී තිබියදී එයට පිළියමක් ලෙස ජනාධිපතිවරයා සිදුකල යුතුව තිබුනේ පාර්ලිමේන්තුව රැස්කොට බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් සිටින ආණ්ඩුව ස්ථාපිත කොට තුනෙන් දෙකක කැමැත්ත මත පාර්ලිමේන්තුව විසිරවීම වුවද මේ වනවිට ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන තම පක්ෂය කිසිසේත් අනුමත නොකරන බැවින් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තට විරුද්ධව තමා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් මන්ත්‍රීවරුන් සිවුදෙනාගේද (04) කැමැත්ත මත අධිකරණය හමුවට යන බව රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් නීත්‍යානුකූලව මැතිවරණයක් පැවැත්වෙන කවර අවස්ථාවක වුවද තම පක්ෂය ඒ සදහා මනා සූදානමකින් සිටින බවත් මේ දින කීපයේ මක්කම වන්දනාවේ ගොස් සිටින තමා ඇතුලු තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනා (05) හෙට (12) නැවත ලංකාවට පැමිනීමට නියමිතව ඇතිබවත් එසේ පැමිනි වහාම පක්ෂයේ අනිකුත් සාමාජිකයින් හා සාකච්ඡාකර පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල තීරණය කරන බවත් රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසයි

Leave a comment

Your email address will not be published. Required fields are marked *