27 April 2024
#දේශීය

මෛත්‍රිට විශ්වාස මහින්දයි – ඇමැති සමරසිංහ කියයි

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ විශ්වාසය ඇති පුද්ගලයා වීම නිසා බව රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි.

අද (30) ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සමරසිංහ මහතා කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය අගමැති කිරීමට අවශ්‍ය නොවන බවයි.
අද දිනයේදී කථානායකවරයා නිල නොවන පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබු බවත් ඒ සඳහා තමා ඇතුළු පිරිස සහභාගි වු බව හෙතෙම කියා සිටියේ. එසේම එහිදී කථානායකවරයා කියා සිටියේද පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවන ලෙසයි. කථානායකවරයා පවා පිළිගෙන ඇත්තේ පාර්ලිමේන්තුව කල් තැබිම ජනාධිපතිවරයා සතු අයිතියක් බවයි. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් දමා ඇත්තේ දින 10 ක කාලයක් පමණක් බව ද සමරසිංහ මහතා මෙහිදී අනාවරණ කළේය. ඒ පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ ලබන 05 වනදා රැස්වන්නට තිබු පාර්ලිමේන්තු රැස්වීම 16 වනදාට කල් දැමු බවයි. ඒ කාලය තුළදී අයවැය යෝජනාව සකස් කල යුතුව ඇති බවත් ඒ වෙනුවෙන් මෙම කාලය ගත් බවයි ඔහු අනාවරණ කර සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *