27 April 2024
#දේශීය

මෛත්‍රි – මෝදි අතර සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (31දා) පවත්වා තිබේ.

හයිද්‍රාබාද් මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා තවදුරටත් තර කර ගැනීම පිළිබඳව අවධානය යොමුකර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස 09 වනදා මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය ඊයේ (30) පැවති අතර ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *