27 April 2024
#දේශීය

මෛත්‍රි…. රතන හිමි සරණ යයි ද?

පවතින දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇත්තේ නාම යෝජනා ලබා දීමේදී ඇති වු තත්ත්වය හමුවේය.

ඊයේ දිනය පුරා මෙන්ම අද දිනයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් මේ වන විට සාකච්ඡා කරනු ලබන්නේ මහමැතිවරණය නාම යෝජනා ලබා දීම තම පක්ෂය තනිව ගමනක් යාමටය. පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වන්නට කටයුතු කල ද නාම යෝජනා ලබා දීමේදී සිදු වුයැයි කියන අසාධාරණය හමුවේ මෙවැනි තීරණයක් ගැනීමට සිදු වු බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

එසේම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටි පසුව ස්වාධින පාර්ලිමේන්තුව නියෝජනය කළ අතුරලියේ රතන හිමියන් විසින් මේ වන විට පක්ෂයක් නිර්මාණය කර තිබේ. උන්වහන්සේ මාධ්‍ය වෙත කියා සිටියේ තමා නියෝජනය කරන පක්ෂයේ ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයින් පිරිසිදු චරිත බවයි.

 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මේ වන විට රතන හිමියන් සමඟ සාකච්ඡා කර ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට සහාය ලබා ගැනීමක් සිදු වන බව වාර්තා වේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු සාකච්ඡා කර අවසන් බවයි. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රතන හිමියන්ගේ සරණ යාමක් සිදුවනු ඇති බව එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *