27 April 2024
#දේශීය

මෛත්‍රී ජනපති සටන අතහරි 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ. ඔහු සමීපතයෙකු පැවසුවේ මේ වන විට මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත ජනාධිපති ධුරයට නොඉල්ලීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට සියළු පක්ෂවල බලවේගයන් එක් එක් කඳවුරු ගසා ඉදිරි මැතිවරණයට සුදානම්වේ. නමුත් මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු නොකර සිටිම තුළින් ගම්‍ය වන්නේ පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් කියා සිටියේ ජනාධිපතිවරණයට කිසිදු සුදානමක් නොමැති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම මැතිවරණයකදීම  එක්සත් ජනතා නිදහස් සන්ධානයට යටතේ ඉදිරිපත් වන අතර එහිදී පක්ෂ ගණනාවක් සමඟ අත්වැල් බැඳ ගනි. නමුත් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා රැස් වු බොහෝ කණ්ඩායම් පොදු ජන පෙරමුණ පක්ෂයේ ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයාට සහාය දක්වන බව පෙනෙන්ට ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට වක්‍රවකාරයෙන් සහාය පල කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *