27 April 2024
#දේශීය #පුවත්

යකාගෙන් හරි වැඩ අරන් මේ රට දියුණු කල යුතුයි – ඇමැති නිමල්

සුනාමි කාලයේ ලැබුණු මුදල් ඌව පළාතේ රෝහල් සංවර්ධනය වෙනුවෙන් යෙද වු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) වැලිමඩ නගරයේ සංවර්ධන කටයුතු සඳහා එක්වෙමිනි.

සුනාමි ව්‍යවසනයෙන් බදුල්ල නගරයේට හානි සිදු නොවු බවත් ඒ වෙනුවෙන් මෙරටට ලැබුණු මුදල් බදුල්ල නගරයේ සංවර්ධනය වෙනුවෙන් යෙද වු බව හෙතෙම පැවසිය.

සමහරු පවසන්නේ තමා මොන ආණ්ඩුව පැමිණියත් ඇමැති ධුරයක් ලබා ගන්නා බව නමුත් ඒ ඇමැති ධුර ලබා ගන්නේ තම ආසනයේ අය වෙනුවෙන් බව අමාත්‍යවරයා කියා සිටියේය. යකාගෙන් හරි වැඩ අරන් මේ රට දියුණු කල යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *