27 April 2024
#දේශීය

යහපාලනයට විරුද්ධයි – මන්ත්‍රී ඉෂාක් කියයි

යළිත් යහපාලන ආණ්ඩුවක් සම්බන්ධයෙන් කතා කරන නමුත් එම යහපාලනයට විරුද්ධ බවත් යහපාලන ආණ්ඩු හැදුවම ඇතුලේ -ඇතුලේ කචල්. තවත් රට ණය වෙන එකයි මේ යහපාලන ආණ්ඩු වලින් වෙන්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කළාපයේ සිවලාකුලම සීවලී විද්‍යාලයේ පැවති නිදහස් සැමරුම් උත්සවයකට සහභාගී වෙමින්. එහිදී රට-දැය-සමය බේරා ගත් රණවිරු දෙමාපියන්ට උපහාර පුද කිරීමද සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීතුමන් ” මේ දවස් වල දැන් ආයෙත් යහපාලන ආණ්ඩුවක් ගැන කථා කරනවා.මම නම් ඒ යහපාලනයට විරුද්ධයි.ඒකට හේතුව තමයි අවුරුදු 03 ½ කට පෙර හදාගත්ත ආණ්ඩුවෙන් කිසිම පාක්ෂිකයකුට සාධාරණයක් වුණේ නෑ.වැඩක් නැති දෙයක් තමයි යහපාලන ආණ්ඩුව හදලා කර ගත්තේ.නැවතත් යහපාලන ආණ්ඩුවක් හදන්න යනවා හැබැයි ඒක රටට බරක්.මේ ලංකාවට යහපාලන ආණ්ඩු අවශ්‍යය නෑ.යහපාලන ආණ්ඩු හැදුවම ඇතුලේ -ඇතුලේ කචල්.ඒ නිසා යහපාලන ආණ්ඩු ඕන නෑ. ඒ නිසා යහපාලන ආණ්ඩු ඕන නෑ.තවත් රට ණය වෙන එකයි මේ යහපාලන ආණ්ඩු වලින් වෙන්නේ.රටේ ප්‍රශ්න ඉවර කරන්න නම් යහපාලන ආණ්ඩු හදන්න ඕන කියනවා, එහෙම චේතනාවෙන් ඒවා කරනවා නම් කමක් නෑ, හැබැයි ඇමති ධූර වැඩි කර ගන්න, රජ සැප විදින්නවත්, නිකං ඉන්න මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙන්න නම් මේ ජාතික ආණ්ඩු වැඩක් නෑ යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්න, ප්‍රාදේශිය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *