27 April 2024
#දේශීය

රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බව බැසිල් කියයි

රට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ ශී‍්‍ර ලංකා පොදුජන නීතිඥ සංගමයේ නිල කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට (01) එක්වෙමින්.

වෙනත් කිසිදු මැතිවරණයකදී නොවූ ආකාරයෙන්, මෙවර මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තිබෙන බවත් සිමෙන්ති බෙදාහැරීමෙන් ඇරඹි භාණ්ඩ බෙදාදීම දිනෙන් දිනම ව්‍යප්ත වෙමින් පවතින බවද හදුනාගත හැකි බවත් මෙහිදී රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැගීම සඳහා අවශ්‍ය සියලූ කැප කිරීම් සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේය.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලූ දෙනා උත්සාහ කරන මෙම අවස්ථාවේදී ඇතැම් පුද්ගලයින් කිහිපදෙනෙක් පමණක් ඊට බාධාවන ලෙස කටයුතු කිරීම ඉතාමත්ම කණගාටුදායක තත්වයක් බව ඔහු අනාවරණ කළේය. එම නිසා මෙවැනි අවස්ථාවක රට ගොඩනැගීම සහ රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් පැහැදිලි දැක්මක් සහ සැලැස්මක් සහිත නායකයකු බිහි කර ගැනීම සඳහා රටේ ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමන්ගේ වටිනා ඡුන්දය භාවිතා කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය

Leave a comment

Your email address will not be published. Required fields are marked *