නුවර ඇසළ පෙරහැර බලන මුවාවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සිදුකරන්නේ මාධ්‍ය සංදර්ශනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර මහාගම්මුල්ල මහතා පවසයි.
ජනාධිපති ආරක්ෂක අංශය සහ ආරක්ෂක ක්‍රියාමාර්ග අභියෝගයට ලක්කරමින්, බිම ඉඳගෙන පෙරහැර බලන බව පෙන්වීමට යාමෙන් අවසානයේ සිදුවූයේ සාමාන්‍ය ජනතාවට පෙරහැර නැරඹීමේ අවස්ථාව අහිමිවීම සහ ඔවුන් පීඩාවට පත්වීම බව ඔහු පෙන්වා දෙයි.
රාජ්‍ය නායකයාට හිමි සම්ප්‍රදායික ස්ථානවල සිට පෙරහැර නැරඹීම පසෙකලා මෙවැනි රංගනයන්හි නිරත නොවී, ජනතාවට ලබාදුන් “පෝසත් රටක් – ලස්සන ජීවිතයක්” පොරොන්දු ඉටුකිරීමට අවධානය යොමුකරන ලෙසද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














