27 April 2024
#දේශීය #පුවත්

රට ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කළ හැකි එකම නායකයා රනිල් බව ඇමැති ප්‍රසන්න කියයි

රට ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කළ හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (16) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ජනාධිපතිවරයා තමන්ට සිස්ටම් චේන්ජ් කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවයි.

ආණ්ඩුව කිසිසේත් මැතිවරණ කල්දැමීමට කටයුතු කරන්නේ නැතැයි පැවසූ ප්‍රසන්න රණතුංග මහතා නියමිත දිනට මැතිවරණ පැවැත්වීමට ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය‍.

Leave a comment

Your email address will not be published. Required fields are marked *