අද අලුයම රත්මලාන, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පාතාල සබඳතාවයක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ප්‍රහාරය දෙමහල් නිවසක් ඉලක්ක කර එල්ල වී ඇති අතර, එහිදී අත්බෝම්බ දෙකක් ප්‍රහාරකයන් විසින් යොදවා ඇත. ඉන් එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර, අනෙක් අත්බෝම්බය නෝමැතිව ගෙවත්තේ වැටී තිබී හමුවී ඇති බව පොලීසිය පවසයි. වාසනාවකට මෙන් ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැත.













