27 April 2024
#දේශීය

රනිල්ට දෙන්නේ නෑ කියනවානම් ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි – වජිර අබේවර්ධන කියයි

මන්ත්‍රීවරු 225ම කැමතිවුණත් අගමැතිකම රනිල් වික්‍රමසිංහට දෙන්නේ නැතැයි කියනවානම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ජනාධිපතිවරයාට එවැනි දෙයක් කිව නොහැකි බවත් වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා බද්දේගම නගර ශාලාවේ දී පෙරේදා (08) කියා සිටියේය ජනාධිපතිවරයා එසේ කීයන්නේ නම් 225ම ඉන්නවානම් ජනාධිපතිවරයාට දෝශාභියෝගයක් ගෙනවිත් ධූරයෙන් පහකරන බවයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකදිගට හතරවතාවක් උල්ලංඝනය කර තිබෙන බවත් මෙය වැරදි පූර්වාදර්ශයක් බව හෙතෙම පැවසිය.

එහි දී අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.

දැන් ආපහු තවත් එකක් පටන් අරගෙන රනිල් මහත්තයා දෙමළ අයත් එක්ක එකතු වෙලා දෙමළ අයට දෙන්න හදනවා කියලා. පිස්සු. දෙමළ අයට එහෙම දෙන්න බැහැ. මේ රටේ නීතියක් තියෙනවා. එයාලා සැලකුවේ නැතත් ව්‍යවස්ථාවක් තියෙනවා. එහෙම දෙන්න බැහැ. දෙමළ දෙමළ අය එකතුවෙලා වෙනම දේශපාලනය කරනවාට වඩා කොච්චර හොඳද දෙමළ අයත් සිංහල අයත් එක්ක එකතු වෙලා එකට දේශපාලනය කරන එක. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට එක්ව දේශපාලනය කරන්න පුළුවන් පක්ෂයක්. අවසාන තුරුම්පුව හැටියට ආගමික නායකයන් පවා යූඑන්පී එකෙන් රට බේරගත්තා දෙන්න හැදුවේ කියලා. තුනෙන් දෙකක් නැතිව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා හදන්න බැහැ. තුනෙන් දෙකක් නැතිව දෙන්න බැහැ. මේ බොරු කියමින් රට නොමග යවනවා. “

මෙම රැස්වීම සඳහා පී.හැරිසන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ගයන්ත කරුණාතිලක, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, මුබර්ජි රහුමාන්, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ ඇතුළු මන්ත්‍රීවරු රැසක් ද සහභාගී වී සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *