27 April 2024
#දේශීය

රනිල් කව්ද කියලා කට්ටිය තවම දන්නේ නෑ ….. ! ලක්ෂ්මන් කියයි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ හා මල්බෙරි කණ්ඩායම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කව්ද කියල තවම නොදන්නා බවත් එතුමා වසර 25 ක් පක්ෂයට නායකත්වය දුන් අතරම කැරලි 03 ක් මර්ධනය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී මන්ත්‍රී ලක්ෂ්මන් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂය සමග එකගතාවයන් ඇති කරගෙන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ කණ්ඩායම මේ වන විට බෙදී ගොස් ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය මෑත කාලයේ දී ප‍්‍රකාශ කළේ තවත් කිසිම දිනක පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව නමුත් අද අපේක්ෂකයෙකු නොමැතිව අතරමං වී සිටින මොවුන් අතර මතවාදීව විශාල දෙදරීමක් තිබෙන බව හෙතෙම පැවසිය.

2015 කුමන්ත‍්‍රණයට සම්බන්ධ අයට දිට්ඨ ධම්මවේදනීය කර්ම පඩිසන් දෙන බවත්, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ හා මල්බෙරි කණ්ඩායම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කව්ද කියල තවම නොදන්නා බව මන්ත්‍රීවරයා අනාවණ කළේය. රනිල් වික්‍රමසිංහ මහතා වසර 25 ක් පක්ෂයට නායකත්වය දුන් බවත් කැරලි 03 ක් මර්ධනය කළ අයෙකු බවත් ඔහු අනාවරණ කළෞය.

ඡන්දයක් කිට්ටු වෙන කොට සිරිකොත වහල අරලිය ගහ මන්දිරය තුලයි දැන් පක්ෂ කාර්යාලය පවත්වාගෙන යන අතර ඡන්ද කිට්ටුවෙන කොට සිරිකොත වහන එක යූ.එන්.පී. එකේ චාරිත‍්‍රයක් වී ඇති බව ලක්ෂ්මන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *