27 April 2024
#දේශීය

රාජපක්ෂවරුන්ගේ ශාසනලාභී ගෞරව නාම සියල්ල අහෝසි කරන්නැයි ඉල්ලීමක්

අන්තර්කාලීන ආණ්ඩුවක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා නොදුන් බලලෝභී රාජපක්ෂවරුන්ගේ ශාසනලාභී ගෞරව නාම සියල්ල අහෝසි කොට, රාජපක්ෂවරුන්ට රටේ කිසිදු විහාරස්ථානයකට ඇතුළු වීම තහනම් කෙරෙන සංඝ ආඥාවක් පනවන්නැයි අපි ඉතා ගෞරවයෙන් මල්වතු මහා විහාරය හා අස්ගිරි මහා විහාරාධිපතිවරුන්ගෙන් ගෝඨාගෝගම අරගලකරුවෝ ඉල්ලා සිටිති.

එම පිරිස විහාරාධිපතිවරුන් හමුවී ලිපියක් භාර දෙමින් පවසා සිටියේ රාජපක්ෂවරුන්ට රටේ කිසිදු විහාරස්ථානයකට ඇතුළු වීම තහනම් කෙරෙන සංඝ ආඥාවක් පනවන ලෙසයි.

එමෙන්ම සම්බුද්ධ ශාසනයටත්, සුපේශල ශික්ෂාකාමී සැබෑ භික්ෂූන් වහන්සේලාටත් අගෞරවයක් වන පරිදි උතුම් බුද්ධ චීවරය රාජපක්ෂවරුන්ගේ අලජ්ජී බල ලෝභය වෙනුවෙන් මුදලට හා වරදාන වරප්‍රසාදවලට පාවාදෙන දුශ්ශීල භික්ෂූන්ට එරෙහිවද සුදුසු පරිදි විනයානුකූල ක්‍රියාමාර්ග ගෙන, සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම තහවුරු කිරීමට සක්‍රීයව මැදිහත් වන මෙන් ඉතා ගෞරවයෙන් මහනායක හිමිවරුන්ගෙන් අරගලකරුවෝ ඉල්ලා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *