27 April 2024
#දේශීය

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කෙරෙහි අවධානය යොමු විය යුතුයි – මාතලේ දිසාපති කියයි

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපියන්ගේ ආර්ථික තත්වය නැංවිම සදහා වැඩපිළිවෙලක් මා‍තලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන බව මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

දිසාපතිවරිය මෙම අදහස් පළ කළේ මාතලේ තිබ්බටුමුල්ල සහන පාසලට වසර අටක් පිරිම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු දිසාපතිවරිය කියා සිටියේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා මෙවැනි වු පාසලක් ආරම්භ කර පවත්වාගෙන යාම අතිශයින් අගය කළ යුතු බවය.මේ සදහා කැපවි කටයුතු කරන දෙමාපිය සංගමයේ සභාපති ගාමිණි කොස්තා මහතා ඇතුලු පිරිස අගය කරන බවය.මාතලේ දිස්ත්‍රික්කය තුළ මෙවැනි දරුවන් සිටින ආර්ථික අපහසුතා ඇති දෙමාපියන්ගේ ආර්ථික මට්ටම වැඩිදියුණු කිිරිම සදහා ජිවනෝපාය සංවර්ධන වැඩසටන් යටතේ උපකාර කිරිමට බලාපෙ‍ාරොත්තු වන බවත් මේ සදහා යම් වැඩපිළිවෙලක් සකස් කරන බවද පැවසුවාය.

මුලු සමාජයේම අවධානය මෙවැනි අසරණ දරුවන් සදහා යොමු විය යුතු බවත් ඔවුන්ට යම් උපකාර කිරිමට හැකි අයුරින් ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇති බවද දිසාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.

මාතලේ දිස්ත්‍රික් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපිය සංගමය විසින් මෙම පාසල පවත්වාගෙන යනු ලබන අතර දරුවන් 20ක පිරිස් මෙහි අධ්‍යාපනය ලබන අතර ඔවුන් සදහා මෙම උත්සවයේදි ඇමරිකාවේ පදිංචි ලක්ෂ්මන් වික්‍රමාචාරච්චි මහතා ඇතුලු පවුලේ පිරිස විසින් රෙදිපිළි සහ මුදල් පරිත්‍යාග කිරිමද සිදු වු අතර සංගමයේ සභාපති ගාමිණි කොස්තා මහතාගේ මගපෙන්විම මත මෙම කටයුතු සිදු විණි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් පරිවාස කොමසාරිස් එම්.සි.සි ගුණරත්න,මාතලේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි එස්.විජේසිංහ යන මහත්ම මහත්මින් දෙමාපියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *